ණය වාරික සඳහා සහන ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ හා රාජ්‍ය නිලධාරීන් අතර පැවත සාකච්ඡාවකදි ය.
එහිදී, කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව බැසිල් රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග‍්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීමට ද උපදෙස් ලබා දී තිබෙනවා.
තවද, සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප‍්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට මෙහිදී තීරණය වූ බවද එම කාර්ය සාධක බලකාය පැවසුවා.
කොරෝනා වෛරසයෙන් අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් එබැවින් මහජන ආධාර, විශ‍්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිවරයාට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන් බව එම කාර්ය සාධක බලකාය පැවසුවේ.
බැසිල් රාජපක්ෂ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡුාවට එක්වෙමින් එම නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප‍්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසටයි.
