පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පැතිර ගිය කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මත්ස්‍ය තොග අලෙවි කර ගත නොහැකිව පීඩාවට පත්ව සිටින ධීවර ජනතාව සතුව තිබෙන මත්ස්‍ය තොග රජය විසින් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි දින 4 තුළ දී ඒවා මිලදී ගෙන අවසන් කිරීමට කටයුතු සිදු කරන බව රජය පවසයි.
මෙලෙස මිලදී ගන්නා මත්ස්‍ය තොග ඉදිරියේ දී සැමන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ වන විට, කොවිඩ් – 19 වෛරසය පැතිරීම හේතුවෙන් ධීවර වරායන් වසා දමා ඇති අතර බේරුවල ධීවර වරාය ඊයේ (27) දිනයේ විවෘත කළේ දින 6කට පසුවයි. කෙසේ වෙතත්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
