ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 8870ක් ලෙස වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (27) දිනයේ දී ආසාදිතයින් 457 දෙනෙකු වාර්තා වී ඇත. එම 457 දෙනාගෙන් 10දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 447 දෙනෙකු බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුරට අදාළව හඳුනාගෙන තිබෙනවා.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, 183 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 16 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද, දෙදෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද,දෙදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද, පස් දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇත
තවද, ගත වූ දින 6 තුළ දි ආසාදිතයින් 2883 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූයේ ඔක්තෝම්බර් 23 වැනි දිනයේ දී ය. ඒ ආසාදිතයින් 856කි.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 4808ක් වේ. සුවය ලැබූ ගණන 4043ක් වේ.
එමෙන්ම, ඊයේ (27) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ. පෙරවරුවේ වාර්තා වූ පුද්ගලයා 41 හැවිරිදි වියේ පසු වූ ජා ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් වන අතර අනෙක් අනෙක් ආසාදිතයා 87 හැවිරිදි කාන්තාවකි. ඔවුන් දෙදෙනාම ජාතික රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව, දැනට මෙරටින් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
