ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 18 හා 19 වන කොරෝනා මරණ වාර්තා වී ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ජීවිතක්ෂයට පත් වූ එක් අයෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා 87 හැවිරිදි කොම්පඤ්ඤවීදියේ පදිංචි කාන්තාවකි.
අද (27) දින පෙරවරුවේ ද එක් මරණයක් වාර්තා වූ අතර ඔහු ජා ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඒ අනුව, එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද දිනයේ දී වාර්තා වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම මරණ 03 පිළිබඳව තහවුරු කර තිබුණ ද වැඩි දුර තොරතුරු මෙතෙක් නිකුත් කර නැත.
