Advertise with Giraya
NEWS

මාවනැල්ල ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි

කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් වාර්තා වීමත් සමඟ මාවනැල්ල හිඟුල්ඔය සහ මුරුතවෙල යන ප්‍රදේශයන්ට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගැමුණු වික්‍රමසිංහ සඳහන් කරයි.

මේ වන විට, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අද (27) දහවල් වන විට ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී තිබෙන අතර පුද්ගලයින් 1938 දෙනෙකු පමණ නිරෝධායනය වෙමින් සිටින බව කෑගල්ල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

එමෙන්ම, දිවයිනේ විවිධ ප්‍රදේශවල වලින් වාර්තා වු කොවිඞ් අසාධිතයන් රැසක් රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබන අතර පින්නවල නිරෝධායන මධ්‍යස්ථානයේ ද පුද්ගලයන් 280 කට ආසන්න පිරිසක් නිරෝධායනය වන බව ද පවසයි.

Giraya News Alerts

කෙසේ වෙතත් ජනතාව තම ගමන් බිමන් සීමා කරමින් නිවෙස් වල දෛනික කටයුතු සහ වෙළෙඳ පොලෙන් භාණ්ඩ මිලඳි ගැනිමේ කටයුතු වලට නිවසින් එක් අයෙකු පමණක් පැමිණෙන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top