ශ්‍රී ලංකාවේ 17 වන කොරෝනා මරණය අද (27) දිනයේ දී වාර්තා වී ඇති බව වාර්තා වේ. මිය ගොස් ඇති පුද්ගලයා ජා- ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ශිරෝසිස් රෝගයෙන් පීඩා විඳි අයෙක් වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත.
අවසන් වරට කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණයක් වාර්තා වූයේ පසුගිය 25 වන දිනයේ දී ය. ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් වන අතර රුධීරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සංකූලතාවයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි. ඔහු මියගොස් තිබුනේ ද අදාළ සංකූලතා හේතුවෙන් ය.
