Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හැටන් නගරය හුදකලා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් හැටන් නගරය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මසුන් රැගෙනවිත් හැටන් මහජන පොළේ මසුන් අලෙවි කල වෙළඳෙකු හට පළමුව කොවිඩ් -19 වෛරසය අසාදනය විමෙන් පසු එම වෙළෙන්දා මේ වන විට පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගල්ලැල්ල යුෙද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ කරා රැගෙන ගොස් ඇත.

එම වළෛන්දාගේ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කල අතර එම ආශ්‍රිතයින් ගෙන් වෙලෙන්දාගේ පවුලේ සමජිකයන් සිව්දෙනෙකුට සහ හැටන් මහජන වෙලදපොලේ ව්‍යාපාරිකයින් 05 දෙනෙකුට සහ මාළු ව්‍යාපාරිකයාගේ රියදුරාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා පවසයි.

Giraya News Alerts

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයින් 200 කට ආසන්න පිරිසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත. කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති රෝගින් සියළු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරිමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත.

හැටන් නගරයේ වෙලදසැල් වසා දැමිමට සමගාමිව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද අද (27) දිනයේදී වසා දැමිමට එම නගර වල වෙළඳ සංගම් තිරණය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top