දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (27) දිනයේ දිවයිනට පැමිණෙනවා. ඒ, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ඉන්දීය, ඉන්දුනීසියාව හා මාලදිවයින් සංචාරයන්ට සමගාමීවයි.
රාජ්‍ය ලේකම්වරයාටග් සංචාරය ආරම්භ කරමින් ඔහු ඊයේ (26) දිනයේ දී නව දිල්ලියට පැමිණියා. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං සමඟ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එරට ආරක්ෂක ප්‍රධානීන් රැසක් එම අවස්ථාවට එක් වුණා. ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංඛර් සමඟද සාකච්ඡා පැවැත්වූ අතර කලාපීය මෙන්ම ගෝලීය කරුණු රැසක් පිළිබදව මෙහිදී දෙපාර්ශ්වය අතර කරුණු හුවමාරු වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
සංචාරය අතරතුරදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දෙරට අතර පවතින බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඔහුගේ කාර්යමණ්ඩල සාමාජිකයන් හා ආරක්ෂක භටයින් රැගත් ගුවන් යානා දෙකක් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින තුලදී දිවයිනට පැමිණියා. රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමටයි ඔවුන් මෙලෙස පැමිණ ඇත්තේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළම පෙළේ ඇමෙරිකා රාජ්‍ය නිලධාරියා වන්නේ මොහුයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වනදා තෙක් දිවයිනේ රැදී සිටීමට නියමිතයි.
සම්බන්ධිත පුවත්
