Update at 10.43 PM
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (26) පස්වරු 10.30 වන විට තවත් පුද්ගලයින් 261 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, අද (26) දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් ගණන 541ක් ලෙස සටහන් වේ.
අද වාර්තා වූ ආසාදිතයින්ගෙන්,
- නිරෝධායන මධ්‍යස්ථානවලින් – 42ක් ද,
- බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුරෙන් – 265ක්,
- පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතයින් 234ක් ද වාර්තා වේ.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 8413ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 4939 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ(25) දිනයේ දී බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව ආසාදිතයින් 351 දෙනෙකු වාර්තා විය. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 42464ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3933ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 16කි.
