ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (26) පෙරවරු 10.00 වන විට 7872ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, ඊයේ (25) දිනයේ දී ආසාදිතයින් 351 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගෙන්,
- බ්රැනඩික්ස් මිනුවන්ගොඩ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් – 312ක්
- නිරෝධායන මධ්‍යස්ථානවලින් – 36ක්
- විදේශයන්හි සිට පැමිණි – 3ක් (එක්සත් අරාබි එමිර් රාජ්‍යය 1යි, පිලිපීන ජාතික නාවිකයින් 3ක්) අයත් වේ.
දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 7872 දෙනා පහත සඳහන් කාණ්ඩයන්ට අයත් වේ.
- වෙනත් රටවලින් පැමිණි විදේශිකයින් – 97
- වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකය -1464
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් හා ආශ්‍රිතයින් -651
- බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර – 4397
- වෙනත් -313
ඒ අනුව, දින 23ක් ඇතුළත බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව 4397 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එසේම, අද (26) පෙරවරු 10.00 වන විට තවත් අසාදිතයින් 130 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3933 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
තවද, මේ වන විට දින 23ක් ඇතුළත කොවිඩ් මරණ තුනක් වාර්තා වී ඇති අතර මිය ගිය ගණන 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (25) දිනයේ දී කොවිඩ් – 19 නිසා මෙරට ජීවිතක්ෂයට වාර්තා වූ 16 වැනි පුද්ගලයා වුයේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. රුධිරයට ඇතුළු වූ විෂබීජයක් හේතුවෙන් මතු වූ සංකූලතා හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ද ඒ හේතුවෙනි.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 3923කි. එම ආසාදිතයින් ප්‍රමාණය රොහල් 32ක ප්‍රතිකාර ලබමින් සිටින අතර 121 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
- අයි.ඩී.එච්. රෝහල – 160
- වැලිකන්ද මූලික රෝහල – 111
- ඉරණවිල රෝහල – 133
- මිනුවන්ගොඩ මූලික රෝහල – 49
- මුල්ලේරියාව මූලික රෝහල – 99
- හම්බන්තොට රෝහල – 182
- ප්‍රාදේශීය රෝහල රඹුක්කන -78
- කඹුරුගමුව රෝහල – 241
- කාත්තන්කුඩි රෝහල – 147
- නෙවිල් ප්‍රනාන්දු රෝහල – 459
- තෙල්දෙණිය මූලික රෝහල – 116
- හෝමාගම මූලික රෝහල – 108
- ලග්ගල පල්ලේගම රෝහල – 114
- ගල්ගමුව මූලික රෝහල – 30
- අඹන්පොල මූලික රෝහල – 45
- ලුනාව මූලික රෝහල – 98
- ඉංගිරිය ප්‍රාදේශීය රෝහල – 20
- කොස්ගම ප්‍රාදේශිය රෝහල – 43
- දංකොටුව ප්‍රාදේශීය රෝහල – 45
- දිවුලපිටිය ප්‍රාදේශිය රෝහල – 100
- මරුත්තන්කර්නි ප්‍රාදේශිය රෝහල – 43
- දොම්පෙ ප්‍රාදේශිය රෝහල – 42
- පිඹුර ප්‍රාදේශීය රෝහල – 62
- කරදියනාරු ප්‍රාදේශිය රෝහල – 87
- රදාවාන ප්‍රාදේශිය රෝහල – 47
- ඉච්චිලම්පත්තු රෝහල – 92
- ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය – 450
- පදියතලාව ප්‍රාදේශීය රෝහල – 64
- ඇඹිලිපිටිය ප්‍රතිකාර මධ්‍යස්ථානය – 158
- ළය රෝහල වැලිසර – 31
- කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය – 154
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 194
එමෙන්ම, දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 7872ට සාපේක්ෂව 49%කට ආසන්න ප්‍රමාණයකට සුවය ලබා ඇත. දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 49%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණයට පත්වූ ප්‍රමාණය 0.20%ක් වූ ප්රමාණයකි.

ඔක්තෝම්බර් මාසයේ දී ඊයේ දිනය දක්වා වාර්තා වූ දෛනික ආසාදිතයින් ප්‍රමාණය හා සුවය ලද ප්‍රමාණය පහතින් දැක්වේ.

දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 450,836ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. මෙරට එක් දිනකදී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ 9513ක ප්‍රමාණය ඔක්තෝම්බර් මස 17 වැනි දින සිදු කර ඇති අතර ඊයේ (25) දිනයේ දී සිදු කර ඇති පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 8846කි.
