රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ළමු 7කට සහ ඔවුන් සමඟ සිටි මව්වරුන් තිදෙනෙකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.
ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ පොකුරට අයත් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
මිට පෙර ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි මාස 10ක බිළිදෙකුට හා අවුරුදු 2ක දැරියක සහ ඇගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
සම්බන්ධිත පුවත්
- රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10ක බිළිඳියකට කොරෝනා
- රිජ්වේ ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා
- රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි බිළිඳාගේ පියා කොවිඩ් ආසාදිතයෙක් නොවෙයි
- රිජ්වේ ළමා රෝහලට පැමිණි මවකට හා දරුවෙකුට කොරෝනා
