Advertise with Giraya
NEWS

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත දින 03ක් ගිය කඩවත ව්‍යාපාරිකයාට කොරෝනා බව තහවුරු වෙයි

කඩවත, ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවසේ රැඳී සිටින්නැයි සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් නොතකා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින 03ක් ගොස් ඇති අතර පසුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හෙළි වී තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට පැමිණීම හේතුවෙන් අදාළ ආසාදිතයාට ඉකුත් 20 වැනි දින කඩවත මහර ප්‍රදේශයේ දී පීසීආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඔහුට නිවසේ රැඳී සිටින්නැයි සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

නමුත්, ඔහු ඉකුත් 22,23 සහ 24 යන දිනවලදී එළවළු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් වෙළඳසැල් රැසකට ගමන් කොට ඇති බවට අනාවරණය වී ඇති බව දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සඳහන් කරයි.

Giraya News Alerts

මෙම ව්‍යාපාරිකයා ඉකුත් 25 වෙනිදා ලොරි රථයකින් කඩවත සිට දඹුල්ල ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මැල්සිරිපුර ප්‍රදේශයේදී දුරකථන ඇමතුමක් මගින් ඔහු ආසදිතයෙක් බවට දැනුම් දී ඇති බවත් ඒ අනුව ඔහු නැවත සිය නිවස බලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපාරිකයා ගමන් කළ සියලු වෙළඳසැල් වල සිටි පුද්ගලයින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවස්ථා දෙකකදී පුද්ගලයන් 200 කට ආසන්න පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදුකොට ඇති බවත් ඔවුන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බවට වාර්තා වී ඇති බව දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top