පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සඳහා අද (26) හා හෙට (27) යන දෙදින පාර්ලිමේන්තුව වසා දමන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ සේවය කරන සියලුම සේවක සේවිකාවන්ට අද හා හෙට යන දෙදින තුළ රාජකාරි සඳහා වාර්තා කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දී ඇති බවත් යළිත් අනිද්දා දිනයෙ සිට රාජකාරි කටයුතු ආරම්භ කරන බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර, පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් රැඳී සිටින ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ මුළුතැන්ගෙයි සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් එම කඳවුර හුදෙකලා කොට ඇති බව ද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවා. මේ හේතුවෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලස්ථානයෙන් විශේෂ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවද සඳහන් කළා.
මිට පෙර, පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදිත බවට වාර්තා විය.
