Advertise with Giraya
NEWS

ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන 351ක්

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 7875ක් ලෙස සටහන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ඊයේ (25) දිනයේ දී නව අසාදිතයින් 351 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 312ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයින්ගෙන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, නිරෝධායනය වෙමින් සිටි පිලිපීන ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙක් ද, කටාර් සිට පැමිණි අයෙක් ද වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අයත් අසාදිතයින් 312න් ආසාදිතයින් 159 දෙනෙකු කොළඹ නගරයෙන්ද, 32ක් මට්ටක්කුලියෙන්ද, මෝදර ප්‍රදේශයෙන් 03ක්, බොරැල්ල 07 දෙනෙක්, ග්‍රෑන්ඩ්පාස් 02ක්, කිරුළපන 03ක්, දොම්පේ 04ක්, මහර 55ක්, වත්තල 17ක්, මිනුවන්ගොඩ 05ක්, බියගම 01ක්, සීදුව 03ක්, අත්තනගල්ල 06ක්, ජා-ඇල 07ක්, නාරාහේන්පිට 02ක්, වැල්ලවත්ත 01ක්, දෙමටගොඩ 01ක්, නාවල 01ක් සහ ගම්පහ 03 දෙනෙක් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top