ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 16 වන කොවිඩ් – 19 මරණය අද (25) දිනයේ දී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
මෙලෙස වාර්තා වී ඇති ආසාදිතයා අද අලුයම කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී මියගොස් ඇති පුද්ගලයෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.
ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඔහු පසුගිය 23 වැනි දින රුධිරටය විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ අසාදිතයා මිය ගොස් ඇත්තේ ද එම සංකූලතා හේතුවෙන් ය.
ඒ අනුව, මෙය මෙරටින් වාර්තා වූ 16 වන කොවිඩ් ආසාදිතයෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
