Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ගම්පහ දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

පසුගිය බදාදා දින (21) රාත්‍රී 10 සිට හෙට (26) දිනයේ උදෑසන 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවනු ලබන බවට ඔක්තෝම්බර් 21 වන දින නිවේදනය කළා. කෙසේ වෙතත්, නව දැනුම් දීම යටතේ නැවත දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

කෙසේවෙතත්, ගම්පහ දිස්ත්‍රික් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා හෙට (26) පෙ.ව. 8.00 සිට පස්වරු 10.00 දක්වා අත්‍යවශ්‍ය වෙළඳසැල් ඖෂධ වෙළඳසැල් විවෘතව තැබෙන බවත් නිවේදනය කරයි.

Giraya News Alerts

තවද, ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මෙම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍යවන කාර්යමණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිත කර අදාළ බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top