Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මත්ස්‍ය පරිභෝජනය පිළිබඳ පැතිර යන කටකතාවලට නොරැවටෙන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි

මත්ස්‍ය පරිභෝජනය සහ මත්ස්‍ය වෙළෙඳාම් කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් විසින් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ඉන් අවධාරණය කෙරෙයි. ඒ අනුව මත්ස්‍ය පරිභෝජනය පිළිබඳ පැතිරයන කටකතාවලට නොරැවටෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ජනතාවට අවධාරණය කරයි.

කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ටයක රැඳීතිබිය හැකිය යන සෛද්ධාන්තික පදනම මත මාළු පිසීම හෝ ගබඩාකිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ නොඅල්ලන ලෙසද ඉන්පසුව ඒ සඳහා භාවිත කළ උපකරණ සහ ඔබේ දෑත් හොඳින් සබන් යොදා සෝදාගන්නා ලෙසත් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පැහැදිළි කරයි.

Giraya News Alerts

තවද පදනමකින් තොරව, මාළු වෙළෙඳාම් කරන ස්ථාන වසා දැමීමට අවශ්‍යතාවයක් නොමැති බවද ලබාදී ඇති සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් සේදීම සහ නිසිපරිදි මුහුණු ආවරණ පැළඳීම වැනි මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ඒවා පවත්වාගෙන යාහැකි බවද සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top