ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 7521ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එමෙන්ම, ඊයේ (24) දිනය තුළදී නව ආසාදිතයින් 368 දෙනෙකු වාර්තා විය. එම ආසාදිතයින් අතරින් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පුද්ගලයින් වේ. ඔවුන් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.
ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලුපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06.
- ධිවර වරායන් ආශ්‍රිතව ආසාදිතයින් 24ක් :
රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලුමැන්ඩල් 01.
- කොළඹ 39ක් :
මෝදර 06ක්, බොරැල්ල 03, ග්‍රෑන්ඩ්පාස් 04ක්, කිරුලපොන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග්‍රෑන්ඩ්පාස් 02, කොටහේන 02, මට්ටක්කුලිය 03 සහ බ්ලුමැන්ඩල් 02ක්, පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්.
- ගම්පහ 18ක් :
ගණේමුල්ල 08, හොරම්පෙල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පුගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02.
- කළුතර 08ක් :
මතුගම 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්ද නුවර 02ක්.
- කුරුණෑගල 08ක් :
කුලියාපිටිය 03ක්, දුම්ම්ලසුරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක්.
- මාතර 02ක්.
එමෙන්ම, ඊයේ (24) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සුව ලැබූ ගණන 3714කි. සක්‍රීය ආසාදිතයින් ගණන 3792ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 15කි.
