මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.
එමෙන්ම, අද (24) පස්වරු 7.00 සිට ක්‍රියාත්මක වන පරිදි මුල්ලේරියාව හා ගොතටුව යන පොලිස් බලප්රදේශයන්වලට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
තවද, ඊයේ (23) පස්වරුවේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන හා දෙමටගොඩ යන ප්‍රදේශයන්ට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
