Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (24) පස්වරු‍ 11.30 වන විට තවත් පුද්ගලයින් 92 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, අද (24) දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් ගණන 368ක් ලෙස සටහන් වේ.

අද වාර්තා වූ ආසාදිතයින්ගෙන්,

  • නිරෝධායන මධ්‍යස්ථානවලින් – 37ක් ද,
  • පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතයින් – 140ක් ද,
  • ආශ්‍රිතයින් 167ක් ද,
  • ධීවර වරායන් – 24ක් ද වේ.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 7521ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 4050 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ(23) දිනයේ දී බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව ආසාදිතයින් 865 දෙනෙකු වාර්තා විය. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 3792ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3714ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 15කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top