දංකොටුව පොදු මාඵ වෙළඳ සංකීර්ණය අද (24) දහවල් වසා දැමීමට දංකොටුව මහජන සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව එක්ව පියවර ගෙන තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සකීර්ණයේ සිට දංකොටුව ප්‍රදේශයට මාඵ ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබේ. දංකොටුව – ඇටියාවෙල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම රියදුරුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට ඊයේ (23) රාත්‍රී වාර්තා වීමත් සමඟ මෙම පියවර ගත් බව සඳහන් කරයි.
මෙහිදී පෑලියගොඩ වෙළඳපොළෙන් මාඵ රැගෙන ඒමට ගිය දංකොටුව මාඵ වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 8 ක් ඇතුඵ සෙසු වෙළෙඳුන් ද නිරෝධායනය කර ඇති අතර ඔවුන්ගෙන් 5 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇත. ඉතිරි පිරිසගේ පී සී ආර් පරීක්ෂණ 27 වැනි දින කිරීමට නියමිත බව ද දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
මෙම පුද්ගලයින් ගමන් කළ බව පැවසෙන දංකොටුව නගරයේ පිහිටි වෙළඳසැල් 02 ක් වසා දැමීමට ද මහජන සෞබ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.
