කල්පිටිය රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදු කර ගැනීමට පැමිණි කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට මසුන් රැගෙන ගිය පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා.
කල්පිටිය පොලීසිය සඳහන් කරන පරිදි අද (24) දින කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට භාජනය කරමින් සිටියදි ඒ අතරින් එක් පුද්ගලයෙකු මෙලෙස හදිසියේ ජීවිතක්ෂයට පත් වූ බවයි.
මෙම පුද්ගලයා පසු ගිය 21 වැනිදා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගිය පදිංචි රියදුරෙකි. ඔහු කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි විවාහකයෙකි.
මිය ගිය පුද්ගලයාගේ දේහය ද පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කර සුරක්ෂිතව පුත්තලම රෝහළේ මෘත ශරීරාගාරය්ට යොමු කර තිබෙන අතර පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව මරණය පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.
