Advertise with Giraya
NEWS

ත්‍රිකුණාමලය මාළු වෙළඳ සංකීර්ණයත් වසා දමයි

ත්‍රිකුණාමලය මධ්‍යම මාළු වෙළඳ සංකීර්ණය අද (24) සිට වසා දැමීමට එම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින් කටයුතු කර තිබෙනවා. ඒ, අදාළ වෙළඳ සංකීර්ණයේ සේවය කළ සේවකයින් 6 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි.

පසුගියදා (22) එම මාළු වෙළද සංකීර්ණයේ සේවය කළ 39 දෙනෙකුගෙන් පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගෙන ඇති අතර ඒවායේ ප්‍රතිඵල අනුව මෙලෙස සේවකයින් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේධගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top