Advertise with Giraya
NEWS

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 15 වන කොවිඩ් – 19 මරණය අද (24) දිනයේ දී වාර්තා විය. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයා කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් වේ.

එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය ඔක්තෝම්බර් 14 වනදා රෝහලට ඇතුළත් කළ බවත්, කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත සඳහන් කරයි.

පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top