ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයෙකු හට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි මොහුගෙන් පීසීආර් පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල් ලබා ගෙන ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතයි.
මියගිය ධිවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්ෂණය අද (24) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත.
තවද, ගාල්ල ධීවර වරාය ආශ්‍රිතව ඊයේ (23) දිනයේ දී ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු රත්ගම ද, බුස්ස, මාගොල්ල හා මකුළුවාව යන ප්‍රදේශවලින් එක් අයෙක් බැගින් වාර්තා වී ඇත. ඒ හේතුවෙන් ගාල්ල ධීවර වරාය මේ වන විට තාවකාලිකව වසා දමා ඇත.
