වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීිතිය පනවා තිබෙනවා.
එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ලබන සඳුදා උදෑසන 5.00 වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
මීට අමතරව, වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුවිට – උතුර, උළුවිට – දකුණ, සහ වෙදවත්ත, යන ගම්මාන මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
