Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අද දිනට වාර්තා වූ ආසාදිතයින් ගණන 865ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (23) පස්වරු‍ 10.15 වන විට තවත් පුද්ගලයින් 256 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, දිනය තුළ වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 865කි.

වාර්තා වූ ආසාදිතයින්ගෙන්,

  • නිරෝධායන මධ්‍යස්ථානවලින් – 48ක් ද,
  • පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල – 535ක් ද,
  • ගාල්ල ධීවර වරාය – 05ක් ද,
  • බේරුවල ධීවර වරාය – 20ක් ද,
  • ආශ්‍රිතයින් – 257ක් ද වේ.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 7153ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 3682 දක්වා ඉහළ යනු ඇති.

Giraya News Alerts

ඊයේ(22) දිනයේ දී බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා විය. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 3495ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3644ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 14කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top