ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (23) පෙරවරු 10.00 වන විට 6287ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, ඊයේ (22) දිනයේ දී ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගෙන්,
- කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක කාර්යමණ්ඩලය – 22ක්
- පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් – 188ක්
- නිරෝධායන මධ්‍යස්ථානවලින් – 2ක්
- ආශ්‍රිතයින් – 97ක් අයත් වේ.
දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 6287 දෙනා පහත සඳහන් කාණ්ඩයන්ට අයත් වේ.
- වෙනත් රටවලින් පැමිණි විදේශිකයින් – 95
- වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකය -1462
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් හා ආශ්‍රිතයින් -651
- බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර – 2816
- වෙනත් -313
ඒ අනුව, දින 19ක් ඇතුළත බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව 2816 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එසේම, අද (23) පෙරවරු 10.00 වන විට තවත් අසාදිතයින් 83 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3644 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
තවද, සැප්තැම්බර් 14 වැනි දින මෙරටින් වාර්තා වූ 13 වැනි කොරෝනා මරණය වාර්තා වූ පසු ඊයේ (22) දිනයේ දී 14 වැනි කොවිඩ් මරණය වාර්තා විය. ඒ 13 වැනි කොවිඩ් මරණය වාර්තා වී දින 37කට පසුය. මියගිය අසාදිතයා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් වූ අතර නියුමෝනියාව තත්ත්වයක් හා හෘදයාබාධයක් හේතුවෙන් ඇය මරණයට පත් විය.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 2629කි. එම ආසාදිතයින් ප්‍රමාණය රොහල් 26ක ප්‍රතිකාර ලබමින් සිටින අතර 64 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
- අයි.ඩී.එච්. රෝහල – 151
- වැලිකන්ද මූලික රෝහල – 110
- ඉරණවිල රෝහල – 126
- මිනුවන්ගොඩ මූලික රෝහල – 45
- මුල්ලේරියාව මූලික රෝහල – 93
- හම්බන්තොට රෝහල – 145
- ප්‍රාදේශීය රෝහල -77
- කඹුරුගමුව රෝහල – 217
- කාත්තන්කුඩි රෝහල – 151
- නෙවිල් ප්‍රනාන්දු රෝහල – 506
- තෙල්දෙණිය මූලික රෝහල – 116
- හෝමාගම මූලික රෝහල – 113
- ලග්ගල පල්ලේගම රෝහල – 111
- ගල්ගමුව මූලික රෝහල – 31
- අඹන්පොල මූලික රෝහල – 31
- ලුනාව මූලික රෝහල – 98
- ඉංගිරිය ප්‍රාදේශීය රෝහල – 20
- කොස්ගම ප්‍රාදේශිය රෝහල – 45
- දංකොටුව ප්‍රාදේශීය රෝහල – 44
- දිවුලපිටිය ප්‍රාදේශිය රෝහල – 98
- මරුත්තන්කර්නි ප්‍රාදේශිය රෝහල – 40
- දොම්පෙ ප්‍රාදේශිය රෝහල – 39
- පිඹුර ප්‍රාදේශීය රෝහල – 57
- කරදියනාරු ප්‍රාදේශිය රෝහල – 48
- රදාවාන ප්‍රාදේශිය රෝහල – 23
- ඉච්චිලම්පත්තු රෝහල – 35
එමෙන්ම, දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 6287ට සාපේක්ෂව 58%කට ආසන්න ප්‍රමාණයකට සුවය ලබා ඇත. දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 41.8%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණයට පත්වූ ප්‍රමාණය 0.22%ක් වූ ප්‍රමාණයකි.

ඔක්තෝම්බර් මාසයේ දී ඊයේ දිනය දක්වා වාර්තා වූ දෛනික ආසාදිතයින් ප්‍රමාණය හා සුවය ලද ප්‍රමාණය පහතින් දැක්වේ.

දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 423,332ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. මෙරට එක් දිනකදී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ 9513ක ප්‍රමාණය ඔක්තෝම්බර් මස 17 වැනි දින සිදු කර ඇති අතර ඊයේ (22) දිනයේ දී සිදු කර ඇති පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 8089කි.
