Advertise with Giraya
NEWS

රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගනියි

කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පැන ගිය කොවිඩ් -19 ආසාදිතයා බොරැල්ල ප්‍රදේශයේ දී සොයාගෙන ඇති බව වාර්තා වේ.

අදාළ කොරෝනා ආසාදිතයා බොරැල්ලේ පිහිටි සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන තට්ටුවේ නිවසක රැඳී සිටිය දී සිටියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ වන විට, අදාළ ස්ථානයට පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් ගොස් ඇති අතර, ඔහු නැවත රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Giraya News Alerts

“විශේෂයෙන්ම මොහු නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත මෙන්ම ඊට අදාළ රෙගුලාසි යටතේ වරදක් කර තිබෙනවා. එනම් යම් පුද්ගලයෙකුට යම් ස්ථානයක රැඳී සිටීමට ප්‍රතිකාර කිරීමට නියෝග කර තිබිය දී එයින් පළායෑම ඒ අනුව ප්‍රතිකාර හා නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ඔහුට විරුද්ධව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ, නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. මේ පැනයෑම සම්බන්ධයෙන් කොස්ගම, ග්‍රෑන්ඩ්පාස් සහ බොරැල්ල පොලිස් ස්ථාන මඟින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තියෙනවා. කෙසේ වෙතත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ රෝගය ආසාදනය වී ඇත්නම් එයින් සම්පූර්ණයෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසුව සහ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුවයි” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top