Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොස්ගම රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙක් පලා යයි

කොස්ගම ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු අද (23) උදෑසන එම රෝහලින් පැන ගොස් තිබෙනවා.

නව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 26 හැවිරිදි තරුණයෙකු වන මොහු අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර තිබෙනවා. අදාළ රෝගියා අද උදෑසන 6.00ට පමණ රෝහලින් පලා ගොස් ඇති අතර ඔහු සොයා ගැනීම සඳහා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ද කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති අතර ඔවුන් ද කොස්ගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top