Advertise with Giraya
NEWS

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ජවනිකාව ගැන හෙළිදරව්ව

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මදූෂ් පොලීසිය විසින් ඝාතනය කළේ නැති බවත් එම අවස්ථාවේ දි සිදු වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බවත් බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්ධු තෙන්නකෝන් සඳහන් කරයි.

එමෙන්ම, මාකඳුරේ මදූෂ්ගේ අනියම් බිරිඳ වූ අපරාධ රැසකට සම්බන්ධ කළු තුෂාරගේ බිරිඳ පිළිබඳවත් පොලීසිය මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් ඇය ලංකාවට පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදු කරන බවත් සඳහන් කළා.

තවද, මාකඳුරේ මදූෂ් සතුව ඩුබායි රාජ්‍යයේ කෝටි ගණනක් වටිනා හෝටලයක් පවතින් බවත් එයින් ලැබෙන ආදායම වෙනත් පුද්ගලයෙකුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුමකට අදටත් බැර වෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි. එමෙන්ම, මාකඳුරේ මදූෂ් සතුව කෝටි ගණනක් වටිනා රථ වාහන වෙනත් පුද්ගලයින්ගේ නමින් පවතින බවත් මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ගෙන් පැහැරගත් කෝටි ගණනක් වටිනා දියමන්තිය විදේශ රටක සඟවා තබා ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙළි කළා.

Giraya News Alerts

එමෙන්ම, ශානි අබේසේකර හා රවී සෙනවිරත්න යන අය මාකඳුරේ මදූෂ්ට සහය දෙමින් කටයුතු කළේ ද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදු කරන බව ඔහු පැවසුවා. තවද, ඔවුන් විසින් මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා තබා ගත් කාලයේ ඔහුට දුරකථනයක් ලබා දී තිබෙන බවට ඔප්පු වී ඇති බව ද සඳහන් කළා. එසේම, මාකඳුරේ මදූෂ් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීමට එම කාලය තුළ සාධාරණ ප්‍රයත්නයක් දැරුවේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් නියොජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්ධු තෙන්නකෝන් මේ බව සඳහන් කර තිබුණේ යූ ටියුබ් නාලිකාවකට තම අදහස් පළ කරමින් ය. එම වීඩියෝව පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top