Advertise with Giraya
NEWS

බේරුවල ධීවර වරාය වසා දැමේ

බේරුවල ධීවර වරාය අද (23) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු වසා දමන බව එම ධීවර වරායේ කළමනාකාර එඩ්වඩ් දයාමාල් පැවසුවා. ඒ, ඊයේ (22) දිනයේ දී අහඹු ලෙස සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවල දී ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් ය.

බේරුවල සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ, ඊයේ (22) දිනයේ දී බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ තෝරා ගත් අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින් 100 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කළ බවයි. එම පරීක්ෂණයන් 16ක ප්‍රතිඵල ඊයේ (22) රාත්‍රිය වන විට නිකුත් වී ඇති බවත් එයින් 10 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති බවත් බේරුවල සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළා.

මේ අතර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, සියලුම ධීවර වරායන්වලින් කොරෝනා වෛරසය පැතිරීමේ හැකියාවක් පැවතිය හැකි බවයි. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ, ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ වැඩසටහනකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,

“පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට දිවයිනේ විවිධ වරායන්වලින් මාළු රැගෙන එනවා. ඒකයි මේකෙ තියෙන සුවිශේෂීත්වය. විශේෂයෙන් බේරුවලින් සහ තංගල්ල ප්‍රදේශවලින් මාළු ලොරි මේ ස්ථානයට රැගෙන එනවා. මාළු අරන් පිටව යනවා. එසේ ගිය අය තවමත් මඟ හැරී සිටිනවා නම් වහාම පීසීආර් පරීක්ෂණයක් කර ගන්න. නැත්නම් වහාම ස්වයං නිරෝධායනයට ලක්වෙන්න. බොහෝ දුරට මේ තත්ත්වය නිසා බේරුවල ප්‍රදේශයෙනුත් ඉදිරි කාලයේ දී මේ ස්ථානයට ආපු ගොඩක් අය ඉන්නවා හැකියාවක් තියෙනවා ඒ නිසා බේරුවල ප්‍රදේශයෙනුත් ආසාදිතයින් හමුවීමට. ඒ නිසා බේරුවල වරාය හා සම්බන්ධ වෙන අයත් ඉතාම පරිස්සම් වෙන්න කියන එක කාරුණිකව ඉල්ලා සිටිනවා….“

“සියලු මාළු වරායන්වල මේ තත්ත්වය ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මාළු වෙළෙඳාමේ ඉන්න අය සිටිනවා නම් ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඉන්නවා නම් ඔබට ඔහුව සම්බන්ධ කර ගන්න දන්නේ නැත්නම් ඕනේම ප්‍රදේශයක ඉන්නවා ග්‍රාමසේවකවරයෙක්. ලංකාවේම 14000කට අධික පිරිසක් ඉන්නවා. ඔහුව සම්බන්ධ කර ගෙන ඔහුට කෝල් එකක් දීලා හැකි ඉක්මනින් මේ දේ කිරීම වැදගත් වෙනවා. එතෙක් ඔබගේ සංසරණය හැකිතාක් අඩුකරන්න. ඔබගේ රැකියාව වුවත් ඔබ යම් අවධානමක ඉන්නවා කියලා හිතෙනවා නම් වහාම මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ මේ ආකාරයෙන්.“

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top