Advertise with Giraya
NEWS

අද වාර්තා වූ ආසාදිතයින් ගණන 309ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (22) පස්වරු 10.20 වන විට තවත් පුද්ගලයින් 259 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, අද (21) දිනය තුළදී බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 02ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් වන අතර 97දෙනෙකු ආශ්‍රිතයින් වේ. තවත් 22ක් කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකකට අයත් ආසාදිතයින් වේ. අනෙක් ආසාදිතයින් 188 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් හමු වූ ආසාදිතයින් වේ.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 6297ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2817 දක්වා ඉහළ යනු ඇති.

Giraya News Alerts

ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 2713ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3561ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 14කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top