20 වන සංශෝධන පනත් කෙටුම්පත 2/3 ක බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වී තිබුණි. ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 213 දෙනෙකු සහභාගී විය.
දෙවන වර කියවීමේ ඡන්ද විමසිම අද (22) පස්වරු 7.30ට ආරම්භ වූ අතර ඡන්දය විමසන අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි බව වාර්තා වේ.
එමෙන්ම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැඩි විවේචනයන් එල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ද ඒ සඳහා පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.
එසේම, සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කර තිබුණි.
