නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය අද (22) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස මෙලෙස හඳුනාගෙන තිබේ.
ඔහු දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය අද මධ්‍යහන 12.00 සිට වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පැවසීය.
ඒ අනුව, හෙට (23) දිනයේ එහි වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.
