පසුගිය දින 07ක කාලය තුලදී පෑලිගොඩ මත්ස්‍ය වෙළෙඳපළට පැමිණි ඕනෑම පුද්ගලයෙකු වහාම සිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සමඟ සම්බන්ධ වී පීසීආර් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසත් එමෙන්ම ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් සිදුකරනු ලබනවා.
මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවකයින් ඇතුළු 863 දෙනෙකු යුද හමුදාව සහ ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 06කට යොමු කොට ඇති බවත් තවත් 800 කට ආසන්න පිරිසක් සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය කිරීමට යොදවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
එමෙන්ම, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයට සම්බන්ධ වීම නිසා එම දිස්ත්‍රික්කයටම වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවූ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 06 කට ද ඒ අනුව ඇඳිරි නිතිය පැනවූ බව යුද හමුදාපතිවරයා පැවසුවා.
