මේ වන විට රක්ෂිත බන්ධනාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව අද (22) පාර්ලිමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.
විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත (PPE) ඇඳුමකින් සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විශේෂිත අසුනක් ද පැනවීමට පියවර ගෙන ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රක්ෂිත බන්ධනාගාරගත කර දින 14 ක නිරෝධායන කාලයක් සඳහා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද හා හෙට යන දෙදින පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන ඒමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් සිදු කර තිබුණි.
ඒ, ඊයේ (21) දිනයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස පක්ෂ නායකයින් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා විසින් එම තීරණය ගන්නා ලදී.
