Advertise with Giraya
POLITICS

හේෂා සහ චමින්ද මන්ත්‍රීවරුන් දෙදෙනා මතභේදාත්මක තීන්දුවක් අභියස ද?

සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතභේදාත්මක දේශපාලන තීන්දුවක් ගනු ඇති බවට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය පළමු දිනය වන ඔක්තෝම්බර් 21 දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් රථ වාහන පෙළපාලියකින් හා විරෝධතා පටි පැළඳීමෙන් ඊට විරෝධතාවය දැක්වීමට කටයුතු කර තිබු අතර සමගි ජනබලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයින් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ඊට සහභාගී නොවීමයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ‘රිවිර.lk’ වෙබ් අඩවිය වෙත පවසා තිබුනේ, විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන බවත් ඒ පිළිබඳව දැනට නිශ්චිතව අනාවරණය කළ නොහැකි බවත් ය.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගී නොවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් එම වෙබ් අඩවියට සඳහන් කර තිබුණේ, අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා නොපැමිණි හේතුව තමන් නිශ්චිතව නොදන්නා නමුත් පසුගිය කාලය තුළ පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී මතභේදයන් ඇති වූ බවයි. එහෙත් කිසිවිටෙක අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එක්වීමේ තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව එම මන්ත්‍රීවරයා පවසා තිබුනා.

ප්‍රකට දේශපාලන විචාරකයෙකු ද මේ සම්බන්ධයෙන් ‘රිවිර.lk’ අදහස් දක්වමින් සඳහන් කර තිබුනේ එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඔහු දන්නා තරමින් සටන්කාමී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බවත් සුවිශේෂි තත්වයක් ඇති නොවූයේ නම් අනිවාර්යෙන්ම අද විවාදයට සහභාගී විය යුතු බවත් තම විශ්වාසය බවයි. එම කිසියම් දේශපාලනික තීන්දුවක් නිසා සිදුවූවාද යන සැකය තමන් තුළ ඇති බව ඔහු සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ ප්‍රබල කතිකාවක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනෙකු මත පළ කර ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා තීරණාත්මක දේශපාලන තීන්දුවක් අභියස සිටින බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top