කුරුණෑගල රෝහලේ තැලසීමියා ඒකකයේ සේවය කරන 40 හැවිරිදි උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැවින් එම ඒකකය අද (21) දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.
මේ දිනවල දී කුලියාපිටිය ප්‍රදේශයේ පැතිර යන කොරෝනා පොකුරට අදාළ අසාදිතයෙකු ලෙස ඇගේ සැමියා හඳුනාගෙන ඇති අතර ඇයට සිය සැමියාගෙන් වෛරසය ආසාදනය වන්නට ඇති බව සැක කරයි. එමෙන්ම, ඇගේ 13 හැවිරිදි දියණියට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව කුරුණෑගල රෝහලේ සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන්, කුරුණෑගල රෝහලේ තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ සේවය කරන සියලුම කාර්යමණ්ඩලය සහ රෝගීන් පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව සඳහන් කරයි.
