Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අද දිනට කොවිඩ් පොකුරට අදාළව ආසාදිතයින් 166 දෙනෙකු හඳුනා ගනියි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (21) පස්වරු 09.55 වන විට තවත් පුද්ගලයින් 57 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, අද (21) දිනය තුළදී බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව ආසාදිතයින් 166 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 38ක් ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලයට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් වන අතර 79 දෙනෙකු ආශ්‍රිතයින් වේ. තවත් 49 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් හමු වූ ආසාදිතයින් වේ.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5978ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2508 දක්වා ඉහළ යනු ඇති.

Giraya News Alerts

ඊයේ (20) දිනයේ දී කොරෝනා ආසාදිතයින් 186 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 6 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ පුද්ගලයින් වේ.

ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 2464ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3501ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top