කඩවත, රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට ඊයේ (20) රාත්‍රි 7.30ට පමණ සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව කඩවත මහර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරගල සඳහන් කරයි. ඒ, එම ප්‍රදේශයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
“රෝගීන් 6 දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වීමත් සමග තමයි ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත්තේ. අද අපි මේ ප්‍රදේශයේ පළවෙනි ආශ්‍රිතයින් 200කට ආසන්න ප්‍රමාණයක පීසීආර් පරීක්ෂණ සිදුකරනවා.” යැයි ඔහු පැවසුවා.
එකම පවුලේ තිදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවසු ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, මාළු වෙළෙන්දෙක්, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඒ අතර වන බව සඳහන් කළා.
