2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු රිය අනතුරකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ඉදිරියේදී අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.
නඩුවේ සාක්ෂි විභාගය ලබන මාර්තු මස 4 වනදා සිදුකිරීමට නියෝග ලබා දී ඇති අතර එදින සාක්ෂිකරුවන් පස්දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කර තිබෙනවා.
සම්බන්ධිත පුවත්
- පාඨලීගේ රියදුරුටත් සුදත් අස්මඩලටත් අධිචෝදනා භාරදෙයි
- පාඨලීගේ රිය අනතුරේ සිද්ධියට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගන්න නියෝගයක්
- වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලට ඇප
- පාඨලීට හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිට එරෙහිව අධිචෝදනා
