දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.
එහිදී, අදාළ 100 දෙනා අතරින් පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටියි.
මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
