Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයතනයක සේවකයෙක්ට කොරෝනා

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ 32 වන මහලේ පිහිටි ‘Acuty Knowledge Partners Lanka (Pvt) Ltd’ නම් ආයතනයේ සේවකයෙක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ලෝක වෙළඳ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ දැක්වෙන පරිදි, අදාළ සේවකයා ඔක්තෝම්බර් මස 08 වැනිදායින් පසුව එම ගොඩනැගිල්ලේ සිය සේවා ස්ථානය වෙත පැමිණ නොමැත.

අදාළ ආසාදිතයා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් අදාළ කාර්යාලය වසා දමා 32 වන මහළ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top