මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (20) පස්වරු 09.50 වන විට තවත් පුද්ගලයින් 120 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, අද (20) දිනය තුළ දි වාර්තා වූ ආසාදිතයින් ගණන 180ක් වේ.
වාර්තා වූ ආසාදිතයින්ගෙන් 37ක් ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලයට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් වන අතර අනෙක් 143 දෙනාම ආශ්‍රිතයින් වේ.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5811ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2342 දක්වා ඉහළ යනු ඇති.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 2341ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3457ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
