Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොළඹ නැව් තටාකාංගණයේ තවත් 6කට කොරෝනා

කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන තවත් සේවකයින් 6 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා.

මොවුන් බ්ලුමැන්ඩල් පාර නේවාසිකාගාරයේ සිටි අය වන අතර රාගම, මතුගම, වෙන්නප්පුව, ගාල්ල, මීගමුව සහ මාතර මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, මේ වන විට කොළඹ වරාය නැව් තටාකාංගනයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නැව් තටාකාංගනයෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයින් 18 දෙනා අතරින් 9 දෙනෙකු ම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

Giraya News Alerts

මේ අතර, නිවසේ ස්වයං නිරෝධායනයේ සිටි හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාකාංගණයේ සේවකයෙකු ද කොවිඩ් – 19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.

අදාළ පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට ඊයේ (19) රාත්‍රියේ පියවර ගෙන ඇත. ඔහු ගමන් කර තිබූ පහත්ගම ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක් වසා දමා එහි සේවකයින් නිරෝධායනයට යොමු කෙරුණු අතර ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

තවද, කරන්දෙණිය මහගොඩ එපියකොන ප්‍රදේශයේ සිට කොළඹ නැව් තටාකාංගනයේ රාජකාරි සඳහා වාර්තා කළ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අද (20) තහවුරු කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top