ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද (20) සවස 4.00ට අවසන් වූ ගත වූ පැය 24 තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 77 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කරයි. එමෙන්ම, එම වාර්තා වූ ආසාදිතයින් 77 දෙනාගෙන් 44 දෙනෙකුම කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවයේ නියුතු සේවකයින් වේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් 1,702 ක් වාර්තා වී ඇති අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 268 දෙනෙකු බවද ඈපා සඳහන් කරයි.
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට පරිබාහිරව පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 25 ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, කටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය තුළ අද (20) සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 23 දෙනෙකු හදුනා ගෙන ඇති අතර ඔවුන් දොම්පේ සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 280 ක් බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් සොයා සිදු
කරන ලද සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 25,971 කි.
