කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට හා ඇයගේ මවට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් දැරියගේ පියා ද කොවිඩ් – 19 ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජී.විජේසූරිය,
“රෝහලට අපිට සැක සහිත රෝගීන් තිදෙනෙක් ඇතුළත් වුණා 18 වෙනිදා සවස. ඒ අවස්ථාවේ දී අපිට ඇති වු සැකයත් සමග එම රෝගීන් වෙනම ස්ථානයක වෙන්කරලා ප්‍රතිකාර කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් ඊයේ වෙන විට අපිට පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණා මවක් හා අවුරුදු 2 යි මාස 4ක පමණ වයසැති දියණියත් කොරෝනා ආසාදනය වී ඇති බවට. මේ රෝගීන් බොරැල්ල ආසන්නයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඒ වගේම තොරතුරු සොයා ගෙන යෑමේ දී පියත් කොරෝනා ආසාදිත බවට සනාථ කර ගැනීමට ලැබුණා. පියා බොරැල්ල ආසන්නයේම පෞද්ගලික ආයතනයක වැඩකරන පුද්ගයෙක්. කෙසේ වෙතත් අපිට සතුටුදායකම දේ තමයි මේ රෝගීන් සොයා ගැනීමේ දී අපේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක්ට ආසාදනයක් නොවන ආකාරයට රෝගීන් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඊයේ දිනයේ දීම මේ රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහලට යොමු කළා.“
