පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
එම ප්‍රදේශයේ පවුල් 20 කට අයත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් මෙහි පදිංචිව සිටින අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත්ගෙ උපදෙස් මත ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ හෙට (21) සිදුකරන බවද එම කාර්යාලය සඳහන් කරයි.
මෙම කොට්ඨාසය තුළ ඉකුත් 15 වැනිදා නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව එම පිරිසගෙන් එක් කාන්තාවක් ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමඟ ඇය පදිංචිව සිටි මෙම මාවත මෙලෙස හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම කාන්තාව ද ඇතුළුව එම කොට්ඨාශයෙන් මේ වන විට ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙම කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනකුගේ මවක් වන අතර ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී ඇති බවත් වාර්තා වේ.
