කොළඹ මැනිං ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන කඳාන, කපාල හංදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
රාගම රෝහලේදී ඊයේ (18) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණක දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ආසාදිත පුද්ගලයා ආදළ හෝටලයේ හිමිකරු වන අතර ඔහු එහි අයකැමි ලෙස ද කටයුතු කර තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කළේ, දෛනිකව එම හෝටලයට 200 ක පමණ පිරිසක් ආහාර ලබාගැනීමට පැමිණෙන බවයි.
